චීන විදේශ ඇමති වං යී මහතා ආරාධනාවකට අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා හමු වෙයි.
එම හමුව ඊයේ(27) නිව් යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරතුරදී පැවැත්විණ.
එක් පැත්තකින් චීනය හිතුවක්කාර ලෙස මර්දනය කරන අතර අනෙක් පැත්තෙන් කිසිවක් සිදු නොවූවාක් මෙන් චීනය සමඟ සංවාද හා සහයෝගිතා පැවැත්වීමේ, මුහුණු දෙකේ ප්‍රවේශය ඇමරිකාව භාවිත නොකළ යුතු යැයි වං යී මහතා එහිදී කියා සිටියේය.
ඇමරිකාවට චීනය පිළිබඳ තාර්කික අවබෝධයක් තිබිය යුතුය. චීනය සමඟ ගෞරවයෙන් සංවාදයක් පවත්වමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභය යන ආත්මය තුළ සහයෝගිතා ප්‍රවර්ධනය කොට මතභේද ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බව ද වං යී මහතා පෙන්වා දී තිබේ.
ඇමරිකාව එකම චීනය යන මූලධර්මය අනුගමනය කරමින් තායිවානය සන්නද්ධ කිරීම නතර කළ යුතු අතර "තායිවානයේ ස්වාධීනත්වයට" විවෘතව විරුද්ධත්වය පළ කර චීනයේ සාමකාමී එක්සත් භාවයට සහාය විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
චීන ආර්ථිකය, වෙළඳාම සහ විද්‍යාව මෙන්ම තාක්ෂණය මර්දනය කිරීමේ ඇමරිකානු පිළිවෙතට චීනය තරයේ විරෝධය පළ කරන අතර ඊටත් වඩා, මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමට විරුද්ධ වන බව වං යී මහතා පැවසීය.
එදිනම වං යී මහතා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ විදේශ අමාත්‍යවරුන් සාමූහිකව හමුවිය.