චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ පළමුවැනි බර යන්ත්‍රෝපකරණ කර්මාන්ත සමූහයේ කාර්ය මණ්ඩලය දිරිමත් කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා පසුගිය දා පිළිතුරු ලිපියක් යොමු කරමින් සිය හෘදයාංගම දිරිගැන්වීම් හා අපේක්ෂාවන් ඉදිරිපත් කළේය.
නිරීක්ෂණ චාරිකාවක් සඳහා තමා අවස්ථා දෙකකදී පළමුවැනි බර යන්ත්‍රෝපකරණ කර්මාන්ත සමූහයට පැමිණි බවත් විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනය මෙන් ම නිපැයුම්වල ගුණාත්මකභාවය කෙරෙහි කාර්ය මණ්ඩලය දක්වා ඇති ඉහළ අවධානය පිළිබඳව මැනැවින් අවබෝධයක් ඇති බවත් ෂී ජින්පිං මහතා සිය ලිපියෙන් සඳහන් කළේය.
බලවත් රටක් ලෙස ගොඩනැංවීමේ දී නිපැයුම් කර්මාන්තය අතිශය වැදගත් ය. නව යුගය හමුවේ, නිපුණතා නංවාලීම, පරමාදර්ශවත් ජීවගුණය, ශ්රමාභිමානය කේන්ද්‍ර කර ගනිමින් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ බලවත් රටක් ලෙස ගොඩනැංවීමට සහ ඊසානදිග චීනයේ දැවැන්ත පුනර්ජීවනය සඳහාත් ගාමක බලයක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා එම සමූහයේ කාර්ය මණ්ඩලය දිරිගන්වමින් පවසා ඇත.