ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් මේ වසරේ අපේක්ෂිත බව මහ බැංකු අධිපති පවසයි
2024-09-28 16:59:13
Share with:

2024 වසර ආරම්භයේ දී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් වසර අවසානය වන විට අත්කර ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඊයේ (27) ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට ආර්ථිකය 4.7% කින් වර්ධනය වී ඇති බවත්, පළමු කාර්තුවේදී 5.3%න් වර්ධනය වී පැවති බවත් හෙතෙම පැවසීය.

මේ වසර ආරම්භයේදී මෙරට ආර්ථිකය 3.0% කින් වර්ධනය වනු ඇතැයි ඉලක්ක කොට තිබිණ. එය මේ වන විට සියයට හතර ඉක්මවා ඇති අතර ඉදිරියේ දී වඩාත් ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ද අධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම