එළඹෙන ඔක්තෝබර් 1 වැනි දා චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සනිටුහන් කරයි. මේ නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ CGTN නාලිකාව සහ චීන Renmin විශ්වවිද්‍යාලය ‘චීනයට ඇති හිතවත්කම’ පිළිබඳ ගෝලීය මත විමසුමක් නිකුත් කළේය. ඒ අනුව, චීනයේ ප්‍රතිරූපය, ජනප්‍රියත්වය, ආර්ථිකය, රජයේ පාලන ශක්‍යතාව, විද්‍යා හා තාක්ෂණ මෙන් ම ජාත්‍යන්තර බලපෑම ඉහළ පැසසුමට ලක් වී ඇති අතර, විමසුමට ලක් වූ ‘ගෝලීය දකුණු’ රාජ්‍යයන් හි පිරිස සහ වයස අවුරුදු 34ට පහළ තරුණ පිරිස අතර චීන මාදිලියේ නවීකරණය සහ එහි ජයග්‍රහණ ඉහළ ඇගයීමට ලක් වී තිබීම විශේෂත්වයකි.
චීනයේ ජාතික ප්‍රතිරූපය සම්බන්ධයෙන්, මත විමසුමට ලක් වූවන්ගෙන් 92%ක පිරිසකට අනුව, චීනය වැදගත් රටකි. මෙම අනුපාතය පසුගිය වසරට වඩා 1.4%කින් වර්ධනය වී තිබේ. 89%ක පිරිසකගේ අදහස වන්නේ චීනය, සාර්ථක රටක් බවයි. මෙම අනුපාතය පසුගිය වසරට සාපේක්ෂ ව 4.8%ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. එසේ ම, චීනය අගය කළ යුතු රටක් බව 77.8%ක පිරිසක් විශ්වාස කරයි.
ආර්ථිකය සම්බන්ධයෙන්, මත විමසුමට ලක් වූ 92.3%ක පිරිසකට අනුව, ප්‍රබල වර්ධන සවියක් චීනය සතු ය. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව, චීනයට විශිෂ්ට ශක්‍යතාවක් හිමි බව 92.3%ක පිරිසකගේ අදහස වී ඇත.
මෙම මත විමසුම සඳහා රටවල් 41කින් පැමිණි 16400දෙනෙක් සහභාගී වූහ. ඔවුන් දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, මැදපෙරදිග කලාපය, උතුරු ඇමරිකානු මහද්වීපය, යුරෝපය, අප්‍රිකාව ඇතුළු කලාපවලින් පැමිණ සිටීම විශේෂත්වයකි.