ඉරාක තුළ ඇමරිකානු ප්‍රමුඛ ජාත්‍යන්තර හමුදා මෙහෙයුම ලබන වසරේ සැප්තැම්බර් මස අවසන් වන බවට ඒකාබද්ධ නිවේදනයක්
2024-09-28 16:47:48
Share with:

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදී කණ්ඩායමට එරෙහිව සටන් කිරීම සඳහා දශකයකට පෙර පිහිටුවන ලද ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර මෙහෙයුම 2025 වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිත බව ඇමරිකානු සහ ඉරාක රජය විසින් ඊයේ (27) නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක දැක්වෙයි.

කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ ඉරාක හමුදාවන්ට සහය වෙමින් ISIS මත පීඩනය පවත්වා ගෙන යන ආකාරයෙන් ද්විපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වයක් වෙත සංක්‍රමණය වනු  ඇති බවයි.

ඉස්ලාමීය රාජ්‍යය ක්‍රියාත්මක වන අසල්වැසි සිරියානු සන්ධානයේ හමුදා මෙහෙයුම "2026 සැප්තැම්බර් දක්වා පවතිනු ඇත" යනුවෙන් ද ප්‍රකාශයේ සඳහන් වේ.

එමෙන්ම ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ(27) පැවති සාකච්ඡාවක දී සඳහන් කළේ මෙය “ඉවත් කර ගැනීමක් නොවන බවත්, සභාග හමුදා මෙහෙයුමක සිට පුළුල් කරන ලද ඇමරිකානු-ඉරාක ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතාවයකට සංක්‍රමණය වීමක් පමණක්” යනුවෙනි.

ඇමරිකාව සතු හමුදා භටයින් ඉරාකයේ 2,500 ක් සහ සිරියාවේ දළ වශයෙන් 900 ක් සිටින අතර, ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමේ මෙහෙවර සමඟ කටයුතු කරන අතරම ප්‍රාදේශීය ආරක්ෂක අංශවල පුහුණුකරුවන් සහ උපදේශකයින් ලෙස ද සේවය කරන බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම