චීනයේ සමස්ත ජාතීන්ගේ එකමුතුව ජනපති අවධාරණය කරයි
2024-09-27 17:01:03
Share with:

චීනයේ සමස්ත ජාතීන්ගේ එකමුතුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා මේ බව පැවසුවේ අද(27) පෙරවරුවේ බෙයිජිං හි පැවති සමස්ත ජාතීන් අතර එකමුතුව තහවුරු කරමින් සම්මාන පිරිනැමීමේ සම්මේලනය අමතමිනි. එහිදී පරමාදර්ශී කණ්ඩායම් 352ක් හා පුද්ගලයෝ 368දෙනෙක් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව හා රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔවුන් වෙත සුභාෂිංසනය පිරිනැමීය. ජාතික රාජකාරි සඳහා කැප වී සිටින්නන් හා එහි දියුණුව වෙත ඉහළ අවධානයක් යොමු කරන විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ට ද හෙතෙම සුබ පැතුම් පිරිනමා ඇත.

නව යුගයේ චීන මාදිලියේ සමාජවාදී චින්තනය නිසි අයුරින් අනුගමනය කළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. විවිධ ජාතීන් හා සම්බන්ධ රාජකාරි සහතික කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ දැක්ම ඒ අතරින් ප්‍රධාන වෙයි. විවිධ ජාතීන් පොදු ප්‍රජාවක් ලෙස ගොඩනැංවීමේ චින්තනය කේන්ද්‍ර කර ගනිමින් සමස්ත ජාතීන්ගේ එක්සත්වීම තවදුරටත් තහවුරු කළ යුතු ය. එහි රාජකාරි ගුණාත්මකව තහවුරු කරමින් බලවත් රටක් ලෙස පූර්ණ වශයෙන් ගොඩනැංවීමට සහ ජාතියේ පුනර්ජීවනය වෙනුවෙනුත් ඇපකැප වන්නැයි ද ජනාධිපතිවරයා එහිදී මඟපෙන්වීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම