2024 ලෝක නගර නිර්මාණ සමුළුව‌ ඇරඹෙයි
2024-09-27 17:33:54
Share with:

2024 ලෝක නගර නිර්මාණ සමුළුව‌  අද(27) චීනයේ Shanghai නගරයේ දී ආරම්භ විය. Shanghai නාගරික මහජන රජය සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය එම සමුළුව එක්ව සංවිධානය කළේ ය. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම සමුළුවට එක් වෙමින් දේශනයක් සිදු කළේ ය.

ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානයක්, මූල්‍ය මධ්‍යස්ථානයක්, වෙළඳ මධ්‍යස්ථානයක් ඇතුළු ප්‍රධාන මධ්‍යස්ථාන 5ක්‍ ලෙස ගොඩනැගීමට අවධානය යොමු කරමින් චීන අනන්‍යතාව සහිත නවීකරණය ප්‍රවර්ධනය කිරීමේදී ආදර්ශමත් කාර්යභාරයන් ඉටු කරන්නැයි ජනාධිපති ෂී ජින්පිං මහතා Shanghai නගරය දිරිමත් කළ බව Shen Haixiong මහතා එහිදී පැවසීය.  විස්තීර්ණ ජාත්‍යන්තර “මාධ්‍ය විකාශක” ලෙස, චීන මාධ්‍ය සමූහය නිර්මාණ සෞන්දර්යය සහ මාධ්‍ය සන්නිවේදනය ඒකාබද්ධ කිරීමේ ක්‍රම අඛණ්ඩව ගවේෂණය කරමින්, නව යුගයේ චීන කථා ව්‍යාප්තිය ප්‍රවර්ධන කරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ලෝක නගර නිර්මාණ සමුළුව Shanghai නගරය අඛණ්ඩ ව පැවැත්වූ 3වැනි අවස්ථාව මෙයයි. "සීමා රහිත නිර්මාණ සහ නව ගුණාත්මක වර්ධනය" තේමාවෙන් ගෝලීය නිර්මාණ සහයෝගිතා සහ හුවමාරු වේදිකාවක් ගොඩනැගීම මෙම සමුළුවේ අරමුණයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම