චීන විදේශ ඇමතිවරයා බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට එක් වෙයි
2024-09-27 15:49:40
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට එක් වේ. ඔහු ඊට එක් වූයේ ඊයේ(26) නිව් යෝර්ක්හි පිහි‍ටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ය. එම රැස්වීම බ්‍රසීල ඇමති Mauro Vieira මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

බ්‍රික්ස් රටවල් පොදු ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් කල්පවතින සාමය සාක්ෂාත් කර ගත යුතු බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය. සංවර්ධනයට මුල් තැන දී සංවර්ධන ගැටලු විසඳා ගනිමින් බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කොට ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම සඳහා බ්‍රික්ස් රටවල් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. චීනය විසින් යෝජනා කරන ලද "කෘත්‍රිම බුද්ධි ධාරිතාව ගොඩනැගීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම" යන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව ක්‍රියාත්මක කිරීමට බ්‍රික්ස් රටවල් සහභාගී වීම සාදරයෙන් පිළිගන්නා බව වං යී මහතා පවසා ඇත.

බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව වැඩි වීමෙන් පසු පළමු සමුළුව පැවැත්වීමට නියමිතයි. එම අවස්ථාව මනාව ප්‍රයෝජනයට ගෙන සාධාරණය හා යුක්තිය ආරක්ෂා කොට පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තරයේ පෙනී සිටිය යුතු බව වං යී මහතා එහිදී කියා සිටියේය.

එදිනම වං යී මහතා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය සඳහා අප්‍රිකා සංගමයේ දසරටවල රාජ්‍ය නායක කමිටුව සහ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් 5‍හේ විදේශ ඇමතිවරුන් අතර සංවාදයට නිව් යෝර්ක්හි සහභාගි විය. ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ චීනයේ අදහස් හා යෝජනා වං යී මහතා එහිදී පැහැදිලි කළේය.

චීන-අප්‍රිකා සබඳතා ඉතිහාසයේ මනාම කාලයේ පවතින බවත් චීන-අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුව සාර්ථකව පැවැත්වූ බවත් වං යී මහතා එහිදී පැවසීය. ඔහු ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණය පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතත්වය සහ කතා කිරීමේ අයිතිය වැඩිදියුණු කිරීම, අප්‍රිකාවේ ඉල්ලීම් විසඳීමට ප්‍රමුඛත්වය දීමට විශේෂ විධිවිධාන සම්පාදනය කිරීම සහ ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණය පිළිබඳ අන්තර්රාජ්‍ය සාකච්ඡා සඳහා ප්‍රධාන නාලිකාව ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තත්ත්වයට සහාය වීම ඊට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම