ඇමරිකා‍නු ජනපති පනතකට අත්සන් තබමින් රජය අකර්මණ්‍ය වීම වළක්වයි
2024-09-27 09:19:25
Share with:

රජයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම වැළැක්වීම සඳහා ඇමරිකා‍නු ජනාධිපති Joe Biden කෙටි කාලීන වියදම් පනතකට අත්සන් තබයි.

ඊයේ (26) අත්සන් කෙරුණු එම පනතට අනුව, ෆෙඩරල් රජයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මේ වසරේ දෙසැම්බර් 20 වැනිදා දක්වා ෆෙඩරල් ආයතනවලට අරමුදල් සැපයීම සිදුවනු ඇත.

ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව පසුගිය 25 වැනිදා ඡන්ද දීමෙන් මෙම මාස තුනක කෙටි කාලීන වියදම් පනත සම්මත කළේය. මෙම මස අග ඇමරිකා රජය අකර්මණ්‍ය වීමේ තර්ජනයට ලක් වීම වැළැක්වීම එම පනතේ අරමුණයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම