ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද විමසුමෙන් Shigeru Ishiba මහතා අද (27) වැඩි මනාප සංඛ්‍යාවකින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් විය. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ඔක්තෝම්බර් 1 වැනිදා පත්කිරීමට නියමිතයි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ චීන-ජපාන සබඳතාවල දිගුකාලීන, සෞඛ්‍ය සම්පන්න සහ ස්ථායී වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර, එය එකම සහ නිවැරදි තේරීම ද වන බවයි. ජපානය සාමකාමී සංවර්ධන මාවතේ රැඳී සිටිමින් චීනය පිළිබඳ සාධාරණ හා නිවැරදි අවබෝධයක් ඇති කර ගනු ඇතැයි ද චීන-ජපාන සබඳතාවල තිරසාර, සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධනයක් නිවැරදි මාවත ඔස්සේ ප්‍රවර්ධනය කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.