සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායලය අඛණ්ඩව සිව්වන දිනයටත් ලෙබනනයට පහර දෙයි. ඇමරිකාව හා ප්‍රංශය ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු මහතා විසින් පැහැදිලිව ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ලෙබනනයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇත. සිය ඩ්‍රෝන යානා මගින් දකුණු ලෙබනනයේ පිහිටි, ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර සිදු කෙරෙන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. සටන්කාමීන්ගේ රැඳවුම් ස්ථාන මෙන්ම අවි ගබඩා පහසුකම් ද ඊශ්‍රායල ප්‍රහාරයන්ගේ ඉලක්කයන් බවට පත්විය. බ්‍රහස්පතින්දා දිනයේ දී ප්‍රහාර 115ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි. සඳුදා දිනයේ සිට එල්ල කෙරෙන මහ පරිමාණ ගුවන් ප්‍රහාර මුලදී දකුණු හා නැගෙනහිර ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු අතර මේවන විට එය කඳුකර ලෙබනන පරිපාලන ප්‍රදේශය වෙතද ව්‍යාප්ත වී තිබේ.