"බෙයිජිං සිට පැරිස් දක්වා - චීන හා ප්‍රංශ මානව හුවමාරුව" නමැති ක්‍රියාකාරකම සඳහා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙයි
2024-09-27 19:34:08
Share with:

චීන මාධ්‍ය සමූහයේ "බෙයිජිං සිට පැරිස් දක්වා - චීන හා ප්‍රංශ මානව හුවමාරුව" යන ක්‍රියාකාරකම සඳහා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ. එය අද(27) චීනයේ ශංහයි නගරයේ දී පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ෂියොං මහතා එම උත්සවයට එක්‍ වෙමින් දේශනයක් පැවැත්විය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික චින්තනය අනුව චීන මාධ්‍ය සමූහය විසින් "බෙයිජිං සිට පැරිස් දක්වා - චීන සහ ප්‍රංශ කලා ශිල්පීන්ගේ ඔලිම්පික් චාරිකාව" නමැති චීන කලා ප්‍රදර්ශනය ආරම්භ කොට තිබේ. එයින් ගැඹුරු හා සරුසාර චීන සංස්කෘතිය සහ නව යුගයේ චීනයේ ප්‍රබෝධමත් සංවර්ධනය විදහා දක්වා ඇතැයි ශෙන් හයි ෂියොං මහතා එහිදී පැවසීය. එම ක්‍රියාකාරකමට ප්‍රංශ දේශපාලන, සංස්කෘතික හා කලාත්මක කවයන් සහ විදේශීය ප්‍රේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

චීන මාධ්‍ය සමූහය, ප්‍රංශ ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුව, ප්‍රංශ වෘත්තීය පාපන්දු ලීගය සහ ප්‍රංශ කලා ආයතන ගණනාවක් සමග එක්ව සංවිධාන කරන ලද "බෙයිජිං සිට පැරිස් දක්වා - චීන සහ ප්‍රංශ කලා ශිල්පීන්ගේ ඔලිම්පික් චාරිකාව" නමැති ප්‍රදර්ශනය මෙම වසරේ මැයි මස 6වැනිදා ප්‍රංශයේ පැරිස් අගනුවරින් ආරම්භ විය. චීනයේ වර්තමාන ජනප්‍රිය කලා ශිල්පීන් 100කට අධික පිරිසකගේ නිර්මාණ 200කට වැඩි ප්‍රමාණයක් එම ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කර ඇත. එය ප්‍රංශ ජනතාවට සුවිශේෂ සංස්කෘතික අත්දැකීමක් වූ බව නොඅනුමානය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම