“ගෝලීය සංවර්ධන මුලපිරීම ඔස්සේ චීනය ගෝලීය දකුණට සහාය දැක්වීම” නමැති ක්‍රියාකාරකම ආරම්භ කිරීමේ අවස්ථාවට චීන විදේශ අමාත්‍යවරයා එක්වෙයි.
චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (26) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී මේ සඳහා සහභාගී වී ඇත. එමෙන්ම 79 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති Philemon Yang මහතා, එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සහ ලාඕසය, කාම්බෝජය, ඉතියෝපියාව, කියුබාව යනාදී 20කට වැඩි රටවල අමාත්‍ය මට්ටමේ නිලධාරීහූ ද ඊට එක්වූහ.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උපදෙස් හා ඒ ඒ පාර්ශ්වයන්ගේ පොදු උත්සාහයන් යටතේ, ගෝලීය සංවර්ධන මුලපිරුම, චීනයේ යෝජනාවක සිට ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමක් දක්වාත්, සහයෝගිතා චින්තනයක සිට පොදු මෙහෙයුමක් දක්වාත් සංවර්ධනය වී ඇති බව වං යී මහතා ප්‍රකාශ කළේය. එමගින් එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ක්‍රියාදාමයට චීනයේ ශක්තිය එක් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. ගෝලීය නවීකරණයේදී කිසිදු රටක් බැහැර නොකර “ගෝලීය දකුණේ” රටවල සංවර්ධනයට හා පුනර්ජීවනයට සහාය දීම ගෝලීය සංවර්ධන මුලපිරුමේ ප්‍රමුඛ දිශානතියක් බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
ගෝලීය සංවර්ධන මුලපිරුම ඉදිරිපත් කිරීමෙන් චීනයේ ශක්තිමත් නායකත්වය පිළිබිඹු වූ බව 79වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති Philemon Yang මහතා එහිදී ප්‍රකාශ කළේය. ගෝලීය සංවර්ධන මුලපිරුම “ගෝලීය දකුණේ ”රටවලට සහාය දීමේ නව මාර්ගයක් නිර්මාණය කළ අතර එය ඉතා වැදගත් අර්ථාන්විත ප්‍රවේශයක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.