“දකුණු චීන මුහුදේ නාවික සහ ගුවන් ගමන් තත්ත්ව වාර්තාව” නිකුත් කෙරේ
2024-09-27 11:06:49
Share with:
“දකුණු චීන මුහුදේ නාවික සහ ගුවන් ගමන් තත්ත්ව වාර්තාව” නිකුත් කෙරේ.
දකුණු චීන මුහුදේ උපායමාර්ගික තත්ත්ව සුපරීක්ෂණ වැඩපිළිවෙළේ චින්තන පර්ශද වේදිකාව අද (27) බෙයිජිං හිදී එම වාර්තාව නිකුත් කළේය.
දකුණු චීන මුහුද ලොව කාර්යබහුලම, සමෘද්ධිමත්ම මෙන්ම විවෘතම මුහුද බව එම වාර්තාවේ සඳහන් වෙයි. චීනයේ සහ අග්නිදිග ආසියාවේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයත් සමඟ, ලෝකයේ කාර්යබහුලම මුහුදු සහ ගුවන් ගමනාගමනයට දකුණු චීන මුහුද හා අවට ප්‍රදේශ පත් වෙමින් ඇතැයි ද එහි දැක්වේ. දිනක් තුළ දකුණු චීන මුහුදේ නැව් සහ ගුවන් යානා දහස් ගණනක් ගමනාගමන කටයුතුවල නිරත වෙයි.
දකුණු චීන මුහුද කලාපයටත් ලෝකයටත් ආර්ථික සංවර්ධනයට බලපාන වැදගත් ධමනියක් ලෙස සැලකිය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.