ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යන ලෙස ජනපතිගෙන් උපදෙස්
2024-09-27 14:29:06
Share with:

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකි වන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ(26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට සතුව මේ වන විට පවතින බව නිලධාරීන් සඳහන් කර ඇත.

විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800ක් සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා අමාත්‍යාංශය මගින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඊට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබාදීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද දිසානායක මහතා පැවසීය.

මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ ගමට මුදල් ගලා යාමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම