සුහුරු ලාභාංශ බෙදා ගැනීමට සහ වඩා හොඳ නව්‍ය අනාගතයක් කරා ගමන් කිරීමට චීනය සියලු රටවල් ප්‍රවර්ධනය කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.
චීනය සහ සැම්බියාව එක්ව සංවිධානය කරන ලද කෘත්‍රිම බුද්ධි ධාරිතාව ගොඩනැගීමේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඊයේ (25) නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණ. චීනය විසින් යෝජනා කරන ලද “කෘත්‍රිම බුද්ධි ධාරිතාව ගොඩනැගීමේ බහුවිධ සැලැස්ම” සඳහා සියලු පාර්ශ්වවල ක්‍රියාකාරී සහයෝගය සහ ප්‍රතිචාර ලැබී ඇති බව Lin Jian මහතා පැවසීය. බුද්ධි භේදය සමනය කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම මෙම සැලැස්මේ අරමුණයි.
මෙම සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට සහ සියලු රටවල් විසින් සුහුරු ලාභාංශ බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Lin Jian මහතා පෙන්වා දුන්නේය.