අනාගත සංවර්ධනයේ ගෝලීය දිශානතිය ‍පෙන්නුම් කළ “2024 අනාගත සමුළුව”
2024-09-26 11:11:28
Share with:

පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ “2024 අනාගත සමුළුව”සඳහා රටවල් 130ක නායකයින් එක් වෙමින් අනාගතයේ සංවර්ධන දිශානතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ. එම සමුළුවේ පළමු දිනයේ දී විවිධ පාර්ශ්ව අතර සාකච්ඡාවලින් පසු ‘අනාගත සංවර්ධනය සඳහා වූ ගිවිසුම’ සම්මත කර තිබේ. තිරසර සංවර්ධනය, සාමය හා ආරක්ෂාව, විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය, තරුණයන් හා ඉදිරි පරම්පරාව, ගෝලීය පාලනය පිළිබඳව එම ගිවිසුම යටතේ ක්‍රියාකාරී සැලසුම් 56ක් ඉදිරිපත් කර ඇත. එම ගිවිසුම අනාගතයේ ගෝලීය සංවර්ධන සැලැස්ම පිළිබඳ සන්ධිස්ථානගත ලේඛනයක් ලෙස සැලකේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් වන චීනය අනාගත සමුළුව පැවැත්වීමට සිය උපරිම සහයෝගය ලබා දී ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත විදේශ ඇමති වං යී මහතා එහිදී සාමය හා ස්ථාවරත්වය ගොඩනැගීම, සංවර්ධනය හා සමෘද්ධිය, යුක්තිය හා සාධාරණත්වය, වඩාත් සුන්දර අනාගතය පිළිබඳව මුලපිරුම් 4ක් ඉදිරිපත් කළේය. එම අන්තර්ගතයන්, අනාගතය සඳහා වූ ගිවිසුමට ඵලදායී සහතික බවට පත්ව ඇත.

ගෙවී ගිය දශකය තුළ චීනය ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය ක්‍රමයෙන් ලෝකවාසීන්ගේ පිළිගැනීමට ලක් වෙමින් පවතින අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛනයට ද අන්තර්ගත කරනු ලැබිණ. අන්තර්ජාල අවකාශය, න්‍යෂ්ටික ආරක්ෂාව, සමුද්‍රීය කටයුතු, සෞඛ්‍ය ඇතුළු තේමාවලින් සමන්විතව පොදු ඉරණමක් සහිත ප්‍රජාවන් ගොඩනැගීම චීනය ප්‍රවර්ධනය කරමින් ගෝලීය මුලපිරුම් තුනක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා පැවසුවේ බහුපාර්ශ්විකවාදයේ වැදගත් කුළුණක් ලෙස චීනය කටයුතු කරන අතර බහුපාර්ශ්විකවාදය අනුගමනය කිරීමේ අරමුණ වනුයේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම බවයි.

දීර්ඝ මෙන්ම දුෂ්කර මාර්ග හමු වුව ද නොසැලී ගමන් කළහොත් ගමනාන්තයට ළඟා වීමට හැකි වනු ඇතැයි යනුවෙන් චීනයේ පැරණි කියමනක් ද පවතී. විවිධ පාර්ශ්ව අතර සහයෝගිතාවයේ ශක්තිමත් දිශානතිය අනුගමනය කරමින් බෙදා වෙන්වීම් වෙනුවට සමගිය ද, ගැටීම් වෙනුවට සහයෝගිතාව ද, ‍බැහැර කිරීම වෙනුවට වෙනස්කම් පිළිගැනීම ද සාමුහිකව සිදු කිරීමෙන් ලෝකයට වඩාත් සුන්දර අනාගතයක් බිහි කිරීමට හැකි වනු ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම