මිල අඩු වීමත් සමග බිත්තර ආනයනය නවතී
2024-09-26 18:41:37
Share with:
දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් බිත්තර ආනයනය අත්හිටවූ බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ වන විට බිත්තරයක මිල රුපියල් 28-32 ත් අතර මිලකට අලෙවි වේ.
පසු ගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 50-60ත් අතර මිලකට අලෙවි වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගිය රජය පියවර ගෙන ඇත.
මේ අතර පාරිභෝගික අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන ලෙස ඉල්ලා තිබේ. බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන මිල පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු බවත්, එසේ නොකරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.