"වෙළඳ සන්නාම බලගැන්වීමේ ව්‍යාපෘතිය" උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට අත්සන් කෙරේ
2024-09-26 19:10:07
Share with:

චීන මාධ්‍ය සමූහය සහ Jiangsu පළාතේ මහජන රජය "වෙළඳ සන්නාම බලගැන්වීමේ ව්‍යාපෘතිය" උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට අත්සන් කිරීම සහ Jiangsu හි මාධ්‍ය ක්‍රියාකාරකම් මාලාවක් ඇරඹේ. එම උත්සවය ඊයේ(25) Jiangsu පළාතේ Nanjing නගරයේ පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු කළේ ය.

චීන මාධ්‍ය සමූහයේ "වෙළඳ සන්නාම බලගැන්වීමේ ව්‍යාපෘතිය" මගින් චීන වෙළඳ නාම විශාල ප්‍රමාණයක් දේශීය හා විදේශීය වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රවර්ධනය කර ඇත. මෙමගින් චීන මාධ්‍යවල ඉහළ ජාත්‍යන්තර බලපෑම් පිළිබිඹු කෙරෙන අතර,  චීන වෙළඳ සන්නාම ගෝලීය ව්‍යාප්තියට පුළුල් වේදිකාවක් සපයන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

"වෙළඳ සන්නාම බලගැන්වීමේ ව්‍යාපෘතිය" යනු චීන මාධ්‍ය සමූහය සහ අදාළ දෙපාර්තමේන්තු විසින් නව්‍ය ලෙස දියත් කෙරෙන ජාතික සන්නිවේදන ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය ආරම්භ කොට වසර පහක් තුළ දෙස්-විදෙස් ප්‍රසිද්ධියට පත් චීන වෙළඳ නාම විශාල ප්‍රමාණයක් නිර්මාණය වී ඇත.

ගුවන් විදුලිය
20241109වැඩසටහන
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම