ගාසා සහ ලෙබනන ගැටුම්වලින් ඊශ්‍රායලය ජයගනු දැකීම ඇමරිකාවේ බලාපොරොත්තුව වී ඇතැයි ඉරාන ආධ්‍යාත්මික නායක අලි කමෙනි පවසයි.එම ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකාව ආයෝජනය කර ඇතැයි ද හෙතෙම කියා සිටී.
යුධ විශ්‍රාමිකයන් සහ මහජන ක්‍රියාකාරීන් පිරිසක් සමග ඊයේ(25) පැවති හමුවකදී ඉරාන ආධ්‍යාත්මික නායකයා මේ බව සඳහන් කර ඇත.ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වත්මන් ගැටුම් පිටුපස ඇමරිකාව සිටින බවයි. මෙම ගැටුම් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවත් ඊට සම්බන්ධයක් නොමැති බවත් ඇමරිකාව ප්‍රකාශ කර ඇත. නමුත් එය සත්‍යය නොවන අතර ඔවුන් ඒ සියල්ලට සම්බන්ධ වෙමින් ඊශ්‍රායලයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඇතැයි ද අලි කමෙනි කියා සිටී.
කලාපයේ ගැටුම් උත්සන්න වෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රකාශ සිදුව ඇති අතර ඉරානය හමාස් හා හිස්බුල්ලා සංවිධාන වල සමීප හවුල්කරුවෙකු ද වෙයි.