ශ්‍රී ලාංකීය දේශපාලනයේ අයහපත් දේ ඉවත් කොට විවිධත්වයට ගරු කරන නීති ගරුක, විනය ගරුක රටක් බිහිකරන බව ජනපති පවසයි
2024-09-26 18:38:39
Share with:
රටේ ප්‍රතිරූපය ඉහළ යන අයුරින් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කොට, විවිධත්වයට ගරු කරන නීති ගරුක මෙන්ම විනය ගරුක රටක් බිහිකරන බව මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.
මෙරට දේශපාලනයේ අයහපත් දේ ඉවත් කරන බවත්, රට ගොඩනැගීමට එක් වන සියලු දෙනාට දොරටු විවෘත බව ඔහු පැවසීය. ජනතාවගේ අධික ජීවන බර අවම කිරීම මෙන්ම සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීම ප්‍රමුඛත්වයේ ලා සැලකේ. ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙනයෑමට අදාළ ණය පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිමා කර, ණය සහන ලබාගැනීම පියවර ගන්නා බව ද සිය විශේෂ ප්‍රකාශයේ දී ජනාධිපතිවරයා කීය.