චීන සන්නිවේදන විශ්ව විද්‍යාලය පිහිටුවීමේ 70වන සංවත්සරය නිමිත්තෙන් එහි සමස්ත කාර්ය මණ්ඩලය, සිසුන් හා ආදිශිෂ්‍යයන් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරමින් සුබ පැතුම් පිරිනමයි.
නව යුගයේ නව ගමනක් ආරම්භ කිරීමේදී චීන සන්නිවේදන විශ්ව විද්‍යාලය ගුණවත් ශිෂ්‍යයින් බිහි කිරීම පිළිබඳ මූලික කාර්යභාරයෙහි එල්බ සිටිමින් රටේ මාධ්‍ය කටයුතුවල අවශ්‍යතාවට සරිලන ලෙස සිය අනන්‍ය ආධ්‍යාත්මක හැකියාව ඉස්මතු කර ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනයෙහි නියැළි සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. එසේම සිය අධ්‍යයන නිපුණතාවන් ඉහළ නංවමින් වඩාත් වැඩි ඉහල ගුණාත්මක මාධ්‍ය ප්‍රවීණයින් බිහි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෑතකදී චීන සන්නිවේදන විශ්ව විද්‍යාලයේ ගුරුවරන් හා සිසුන් ෂී ජින්පිං ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ගතවූ දශක හත තුළ, විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් අනතුරුව තම විශ්ව විද්‍යාලය ලද අධ්‍යයන ප්‍රතිඵල වාර්තා කර ඇත.