චීන විදේශ ඇමති හා යුරෝපා සංගමයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නියෝජිතයා අතර හමුවක්
2024-09-26 11:32:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා, යුරෝපා සංගමයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නියෝජිත Josep Borrell Fontelles මහතා සමඟ හමු වේ. මෙම හමුව නිව්යෝර්ක් හි ඊයේ(25) පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සැසිවාරය අතරතුර  සිදුවිය.

චීනය සහ යුරෝපා සංගමය අතර සහයෝගීතා ශක්තිමත් කිරීම අන්‍යෝන්‍ය සංවර්ධනයට හිතකර වන බව, වං යී මහතා පැවසීය. මෙය දෙපාර්ශවයේම මූලික හා දිගු කාලීන අවශ්‍යතා සමඟ සම්පූර්ණයෙන්ම  ගැලපෙන  අතර, ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවද වන බව, ඔහු සඳහන් කළේ ය.

චීනයේ සංවර්ධනය බාධා කළ නොහැකි ඓතිහාසික ප්‍රවණතවක් බව Josep Borrell Fontelles මහතා එහිදී සඳහන් කළේ ය. ලෝකයට චීනය අවශ්‍ය  බවත්, යුරෝපය චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත්, ඔහු කියා සිටියේ ය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය විශේෂයෙන් අදහස් හුවමාරු කර ගත්හ. වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ, චීනය සැමවිටම යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් වෛෂයික සහ සාධාරණ ස්ථාවරයක සිටින බවයි. ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට චීනය කැපවී සිටින අතර, සාමය සඳහා දරන උත්සාහයන් අත් නොහරිනු ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම