නීතිය බලාත්මක කිරීමේ දී මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමට චීනය සහ ඇමරිකාව අතර එකඟතාවක්
2024-09-26 10:41:34
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය Wang Xiaohong මහතා ඊයේ(25) වීඩියෝ ආකාරයෙන් ඇමරිකාවේ රාජ්‍ය  ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Alejandro Mayorkas මහතා සමග සාකච්ඡාවක් සිදු කර ඇත.

අන්‍යෝන්‍ය ගෞරවය, ගැටළු කළමනාකරණය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාවයට අනුගත වෙමින් දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ වැදගත් එකඟතාවයන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කළ යුතු බව Wang Xiaohong මහතා එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනය, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීම සහ ඒකපාර්ශ්වික සිද්ධි සඳහා වන සහයෝගිතාවය ආදී ක්ෂේත්‍රවල මේ වනවිට පැහැදිලි ප්‍රතිඵල රැසක් ළඟා කර ගෙන ඇති බව ද හෙතෙම පැවසීය. 

චීනය සෑම මට්ටමකින්ම ඇමරිකාව සමග මනා සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන අතර, දෙරට අතර ස්ථාවර සහ දීර්ඝකාලීන නීතිය බලාත්මක කිරීමේ සහයෝගිතාව සඳහා ප්‍රවේශ වීමට ද කැමැත්තෙන් සිටී. මෙහිදී ඇමරිකාව චීනයේ වැඩපිළිවෙළට සහාය දෙමින් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කිරීමට අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය. 

අවසන් වශයෙන් නීතිය බලාත්මක කිරීම පිළිබඳ ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. 

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම