ඇමරිකාව චීනයේ තොරතුරු සම්බන්ධ වාහන සඳහා සීමා පැනවීම කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි
2024-09-25 19:20:51
Share with:
ඇමරිකාව, චීනයේ තොරතුරු සම්බන්ධිත මෝටර් රථ මෘදුකාංග, දෘඪාංග සහ සම්පූර්ණ වාහන එරට දී භාවිතයට සීමා පනවනු ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබේ.
චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රවෘත්ති ප්‍රකාශිකාව මාධ්‍ය හමුවකදී මේ බව පවසා ඇතැයි අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දැක්වෙයි.
ඇමරිකාවේ වාණිජ දෙපාර්තමෙන්තුව අදාළ සීමා පැනවීමේ රෙගුලාසීන් නිකුත් කිරීමට නියමිත ව තිබේ. රටේ ජාතිකාරක්ෂණ අර්ථය පුළුල් කිරීමේ මුවාවෙන් වැරදි ක්‍රියාවන් නතර කරන ලෙසත් සීමා පැනවීම් කඩිනමින් අවලංගු කොට චීන ව්‍යවසායන්ට එරෙහිව පදනම් රහිතව පීඩා එල්ල කිරීම නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.