චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සර සැමරුම් උළෙලක් රුසියාවේදී
2024-09-25 20:53:17
Share with:
චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය රුසියාවේ දී සැමරේ. එම විශේෂ උත්සවය ඊයේ (24) මොස්කව් නගරයේ දී පැවැත්විණ. “මාගේ චීන කතන්දරය” යන තේමාවෙන් යුතු එය චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරනු ලැබීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී මාර්ගගත ලෙස දේශනයක් පවත්වමින් පැවසුවේ චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තර මානුෂික හා සංස්කෘතික හුවමාරු ශක්තිමත් කිරීම, ගෝලීය ශිෂ්ටාචාරයන් අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම සහ ජනතාව අතර සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම සිය මෙහෙවර ලෙස ගන්නා අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට අත්වැල් බැඳගෙන කටයුතු කරනු ඇති බවයි.