Pu'er ජාතික සමගිය දිවුරුම් ස්මාරකයේ දිවුරුම් නියෝජිතයන්ගෙන් පැවත එන පිරිසට චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
2024-09-25 15:41:40
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති, චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා මෑතකදී Pu'er ජාතික සමගිය දිවුරුම් ස්මාරකයේ දිවුරුම් නියෝජිතයන්ගෙන් පැවත එන පිරිසට දිරිගන්වමින් පිළිතුරු ලිපියක් යොමු කළේය. එම ලිපිය මගින් ඔවුන් වෙත සුහද දිරිගැන්වීමක් ලබා දී ඔහුගේ අපේක්ෂාවන් ප්‍රකාශ කර ඇත.

1951 වසරේදී ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇතුළු සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල නියෝජිතයන් ස්මාරකයක් ඉදිකර දිවුරුමක් දී එක හදවතකින් සහ එක මනසකින් චීන කොම්යුනිස්ට් පක්ෂය අනුගමනය කිරීමට දැඩි ලෙස ප්‍රතිඥා දුන් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. වසර 70කට වැඩි කාලයක් තිස්සේ සියලු ජනවාර්ගික කණ්ඩායම් චීන කොම්යුනිස්ට් පක්ෂය සමග එකමුතුව කටයුතු කරමින් දේශසීමා ප්‍රදේශවල ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ඓතිහාසික ජයග්‍රහණ ප්‍රවර්ධනය කර ජාතික සමගිය හා ප්‍රගතිය පිළිබඳ විචිත්‍රවත් පරිච්ඡේදයක් ලියා ඇත. ඔවුන් තම මුතුන් මිත්තන්ගේ මහිමාන්විත සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යමින් ජාතික සමගිය පිළිබඳ යහපත් සිද්ධීන් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා පැවසීය.

චීන කොම්යුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන Pu'er නියෝජිතයන්ගෙන් පැවත එන පිරිස් ෂී ජින් පිං මහතා වෙත පසුගිය දා ලිපියක් යොමු ක‍ළහ. එහි සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල ප්‍රීතිමත් ජීවන තත්ත්වය පිළිබඳව ඔවුන් එම ලිපියෙන් වාර්තා කර ඇත. ජාතික සමගියට සහ දේශසීමා සමෘද්ධියට මෙන්ම සංවර්ධනයට දායක වීමට ඔවුන්ගේ අධිෂ්ඨානය ද එමගින් ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම