ඇමරිකාවේ අන්තර් සබැඳි මෝටර් රථවල චීනයේ මෘදුකාංග සහ දෘඩාංග භාවිත කිරීම තහනම් කිරීමේ යටි අරමුණ කුමක් ද?
2024-09-25 10:22:44
Share with:

ඇමරිකාවේ අන්තර් සබැඳි හා ස්වයං ධාවන මෝටර් රථවල චීනයේ සංවර්ධනය කෙරෙන මෘදුකාංග සහ දෘඩාංග භාවිත කිරීම තහනම් කිරීමට ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව යෝජනා කරයි. පසුගිය 23 වැනිදා එම යෝජනාව  ඉදිරිපත්  කෙරුණු වහාම එය පොදු ජාත්‍යන්තර විවේචනයට ලක්ව ඇත.

ගෙවි ගිය වසර කාලය තුළ, චීනයේ මෝටර් රථ කර්මාන්තයට එරෙහිව ඇමරිකාව නිරතුරුව එවැනි පියවර ගෙන ඇත. 2023 වසරේ අගෝස්තු මාසයේ, චීනයේ විදුලි වාහන නිෂ්පාදනයේ සහ අපනයනයේ ශීඝ්‍ර වර්ධනයෙන් ඇති වන ඊනියා අභියෝගය සම්බන්ධ තක්සේරුවක් සිදු කරන බව ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය ප්‍රකාශ කළේය. පසුගිය පෙබරවාරි මස, චී‍නයේ අන්තර් සබැඳි මෝටර් රථවලින් එල්ල කෙරෙන ‘සයිබර් තර්ජන’ ‍විමර්ශන කරන බවට ඇමරිකාව ප්‍රකාශයක් පළ කළේය. ‘චීන මෝටර් රථ සමාගම් ඇමරිකාවේ පෞද්ගලික දත්ත එකතු කරන’බවට ඇමරිකා වාණිජ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් චෝදනා එල්ල කර ඇත. පසුගිය සතියේ, චීන විදුලි වාහන සඳහා 100% තීරුබදු අතිරේක වශයෙන් පැනවීමට ඇමරිකාව තීරණය කළේය.

චීන විදුලි වාහන සහ සුහුරු වාහන කාර්මික දාමය ඇමරිකාව ඉලක්ක කරමින් සිටින බව ඉන් පැහැදිලිය. ඉහළ තරඟකාරී චීන මෝටර් රථ තම වෙළඳපොළට ඇතුළු වීම වැළැක්වීම මගින් ස්වයං මෝටර් රථ කර්මාන්තයට අන්තර සබැඳි මෝටර් රථ සැපයුම් දාමයක් ස්ථාපිත කිරීමට කාලය දිනා ගැනීම ඇමරිකාවේ උපාය බව Reuters ඇතුළු මාධ්‍ය වාර්තා කර ඇත.

තමන් යම් කුමන්ත්‍රණයක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බැවින් සෙසු පාර්ශ්වයද එවැන්නක් සිදු කරනු ඇතැයි මවා ගත් සිතුවිල්ලක් මත ඇමරිකාව මෙවැනි ක්‍රියාවකට යොමු‍ වෙමින් සිටින බවට ද විචාරකයන්ගේ අදහස වී තිබේ. ඇතැම් අන්තර් සබැඳි පද්ධතිවල අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීම වැනි කුමන්ත්‍රණයක් ඇමරිකාව විසින් ඇතැම්විට සැලසුම් කරමින් ඇති බව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තිරසර සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙෆ්රි සැක්ස් මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම