චීනයේ Lijian-1 Yao-4 වාහක රොකට්ටුවේ මෙහෙයුම සාර්ථක වේ
2024-09-25 09:53:37
Share with:
චීනයේ පෞද්ගලික අංශය සතු Lijian-1 Yao-4 වාහක රොකට්ටුව මගින් සාර්ථක මෙහෙයුමක් නිම කෙරේ. Jiuquan චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ දී එය සිදුකෙරුණේ අද (25) පෙරවරු 7:33 ට යි.
මෙම වාහක රොකට්ටුව මගින් නිකුත් කරනු ලැබුවේ Zhongke-1, Zhongke-2, Jilin-1 SAR01A, Yunyao-1 අංක 21 සහ අංක 22 ලෙස නම් කර ඇති චන්ද්‍රිකා පහකි. ඒවා සාර්ථකව නියමිත කක්ෂයට ඇතුළු විය. ඒ අනුව, අභ්‍යවකාශ පරීක්ෂණ මෙහෙයුම නිසිපරිදි සම්පූර්ණ වී තිබේ.