යුක්රේනය පිළිබඳ ආරක්ෂක කවුන්සිලයේ ඉහළ පෙළේ රැස්වීමට චීන විදේශ ඇමති සහභාගී වෙයි
2024-09-25 18:42:41
Share with:

New Yorkහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී යුක්රේනය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(24) සහභාගී විය.

සෑම පාර්ශ්වයක්ම සාමයට මුල් තැන දෙමින් සෑබෑ ලෙස සාමය සහ සාකච්ඡා ප්‍රවර්ධනය කළ යුතු බව Wang Yi මහතා පැවසීය. ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමේ මූලික වගකීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දරන බවත්, යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය පොදු ආරක්ෂාව සහ කල්පවත්නා සාමය අඛණ්ඩව පවත්වා ගත යුතු බත් ඔහු සඳහන් කර ඇත.

යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි වන බව Wang Yi මහතා පෙන්වා දුන්නේ ය. චීනය සෑම විටම රුසියාව සහ යුක්රේනය ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින්, සාමය සහ සන්නිවේදනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බවත්, යුක්රේන ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට චීනය කාර්යභාර ඉටු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත. 

එදිනම, Wang Yi මහතා චීන-ලතින් ඇමරිකානු සහ කැරිබියානු ජනපද සංගමයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ අටවන සංවාදයට ද සහභාගී වී, ජර්මනිය, ප්‍රංශය, නාවුරු, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය සහ ආර්ජන්ටිනාව යන රටවල්වල විදේශ අමාත්‍යවරුන් මෙන්ම ඇමරිකාවේ සෙනෙට් සභික Chris Coons, ප්‍රංශ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශක Emmanuel Bonne සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් Volker Türk යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් පැවැත්වීය.

ලතින් ඇමරිකානු සහ කැරිබියානු ජනපද සංගම් රටවල් සමඟ සමගිය හා සහයෝගිතා ශක්තිමත් කරමින් පොදු ඉරණම සහිත චීන-ලතින් ඇමරිකා ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරීමට චීනය සූදානමින් සිටින බව Wang Yi මහතා එම සංවාදයේදී පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම