නිවාස ණය පොලී අනුපාත අඩු කිරීමෙන් කෝටි 15ක ජනතාවට ප්‍රතිලාභ
2024-09-24 14:40:54
Share with:

දැනට පවතින නිවාස ණය පොලී අනුපාත අඩු කිරීමෙන් කෝටි 15 ක ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව චීන මධ්‍යම බැංකුව පවසයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(24) මාධ්‍ය හමුවක් පවත්වමින් මූල්‍යය ආර්ථික අධි ගුණාත්මක සංවර්ධනයට සහාය වීම පිළිබඳ තත්ත්වය පැහැදිලි කළේය.

නිවාස ණය පොලී අනුපාත  සියයට 0.5 කින් අඩු කිරීමට අපේක්ෂා කරන බව චීන මහජන බැංකු අධිපති Pan Gongsheng මහතා එහිදී පැවසීය.

එමගින් මිලියන 50 ක පවුල් සඳහා ප්‍රතිලාභ ගෙන දෙනු ඇති අතර වසරකට යුවාන් බිලියන 150 ක  ගෘහස්ථ පොලී  පිරිවැයක් ඉන් අඩු  වනු ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම