යුරෝපා සංගමයේ කිරි නිෂ්පාදන ආනයන සහනාධාර විරෝධී විමර්ශනයේ දී චීනය ලෝක වෙළඳ සංවිධානයේ නීති අනුගමනය කරනු ඇත
2024-09-24 09:57:00
Share with:

යුරෝපා සංගමයෙන් කිරි නිෂ්පාදන ආනයනයේ දී සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් චීනය සහනාධාර විරෝධී විමර්ශනයක් ආරම්භ කර ඇත. යුරෝපා සංගමය ඊට අදාළව ලෝක වෙළඳ සංවිධානයෙන් ඉල්ලා සිටි උපදේශන ලැබී ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ(23) ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය හරහා යුරෝපා සංගමය මෙම නඩුව අභියෝගයට ලක් කිරීම පිළිබඳව චීනය කනගාටු වන බව චීන වාණිජ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. නමුත් ලෝක වෙළඳ සංවිධානයේ නීතිවලට අනුකූලව මෙම විමර්ශනය හසුරුවන බව ද චීනය කියා සිටී.

චීන නීති ක්‍රමවේදයට අනුව සහ දේශීය කර්මාන්තයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් චීනය යුරෝපා සංගමයේ කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් සහනාධාර විරෝධී පරීක්ෂණයක් දියත් කළ බවත්, දේශීය කර්මාන්තවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට චීන රජයට වගකීමක් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පසුගිය මාසයේදී චීනය යුරෝපා සංගමයෙන් ආනයනය කරන ලද ඇතැම් කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ලබා දුන් සහනාධාර හේතුවෙන්, සහනාධාර විරෝධී පරීක්ෂණයක් ආරම්භ කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම