නව අගමැතිවරිය දිවුරුම් දෙයි
2024-09-24 18:38:09
Share with:
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි.
සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මීට පෙර එම තනතුර දරා තිබුණි.
2020 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට පත්වූ ඇය දේශපාලනයට පිවිසීමට පෙර විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළාය.