චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(23) එක්සත් ජාතීන්ගේ “2024 අනාගත සමුළුව”ට සහභාගි වූ බවත්, “මානව ප්‍රජාව උදෙසා පොදු ඉරණමක් සහිත සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම” යන මැයෙන් දේශනයක් ඔහු විසින් සිදු කළ බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ වැදගත් සංකල්පය, උසස් තත්ත්වයේ “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩ නැංවීම , ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යන සංකල්ප මානව වර්ගයාගේ පොදු අභියෝගවලට මුහුණු දීමට නව විසඳුම් ලබා දී ඇති බව Wang Yi මහතා පැවසීය.
මෙම අනාගත සමුළුව සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අවස්ථාවක් කර ගනිමින්, සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරන කරමින්, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ අත්වැල් බැඳගෙන, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැංවීම ප්‍රවර්ධනය කර, වඩාත් සාමකාමී සහ සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් Lin Jian පැවසීය.