චීනයේ නිෂ්පාදන ව්‍යාපාර සංඛ්‍යාව මිලියන 6 ඉක්මවයි
2024-09-24 15:43:22
Share with:

චීනය සතු සමස්ත නිෂ්පාදන ව්‍යාපාර සංඛ්‍යාව මිලියන 6.03 ක් දක්වා වර්ධනය වෙයි. චීන වෙළඳපොළ නියාමන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවන් හි මේ බව දැක්වේ.

මෙම වසරේ නිෂ්පාදන ව්‍යාපාර සංඛ්‍යාව වර්ධනය වීම ස්ථාවර ප්‍රවණතාවක පවතී. 

චීනයේ නැගෙනහිර කලාපයේ කර්මාන්තශාලා සංයුක්ත ආකාරයෙන් ස්ථාපනය වී ඇති අතර, එහි කර්මාන්ත දාමය ප්‍රශස්ත තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ඒ අතරින් නිෂ්පාදන ව්‍යාපාර අනුපාතය ඉහළ අගයක් ගනී. 

මේ අතර, මධ්‍යම චීනයේ නිෂ්පාදන ව්‍යාපාර සංඛ්‍යාව ද කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. ‍රටේ නිෂ්පාදන ව්‍යාපාරවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක දෙඅංශයේම ක්‍රමික වර්ධනය තුළින්, ආර්ථික ව්‍යුහය වැඩිදියුණු කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිවල ඵලදායීතාව පිළිබිඹු වේ.

2024 අගෝස්තු 31 වැනිදා වන විට චීනයේ නිෂ්පාදන ව්‍යාපාර සංඛ්‍යාව මිලියන 6.03 ක් වූ අතර, එය 2023 වසරේ අග භාගයට සාපේක්ෂව 5.53% ක වර්ධනයකි. මීට අමතරව, නවීන ව්‍යාපාර සංඛ්‍යාව පන්ලක්ෂ පහළොස් දහසකි. සමස්ත නිෂ්පාදන ව්‍යාපාරවලින් එය 8.55% ක් වේ.  

ගුවන් විදුලිය
20241108සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම