චීන මාදිලියේ නවීකරණය තුළ ප්‍රමුඛත්වය හිමිවන කෘෂිකාර්මික පදනම
2024-09-24 15:39:09
Share with:

පසුගිය සැප්තැම්බර් 22වනදා හත්වැනි ‘චීන ගැමි ජනතාවගේ අස්වනු උළෙල’සැමරිණ. ඒ නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගැමි ජනතාව හා ග්‍රාමීය කටයුතුවල නිරතවන්නන්ට සුබ පැතුම් එක් කළේය.

කෘෂි කර්මාන්තයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමටත් ගැමි ජනතාවගේ ආදායම වර්ධනය කිරීමටත් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රාණවත්භාවය තවදුරටත් ප්‍රබෝධවත් කිරීමටත් හැකි සෑම අයුරකින්ම වෑයම් දරමින් ගැමි ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.

වසර 2018ටේ දී ගැමි ජනතාවගේ අස්වනු උළෙල ප්‍රථම වරට සැමරීමෙන් පසු ෂී ජින්පිං මහතා අඛණ්ඩව හත් වතාවක් ගැමි ජනතාවට සුබ පැතුම් එක් කරමින් තම අපේක්ෂාවන් පළ කර තිබේ. 

කෘෂි කර්මාන්තය මූලික කර ගන්නා සම්ප්‍රදාය, ඉතිහාසයේ සිටම චීනයේ පවතී. වර්තමානයේ කෝටි 140ක චීන ජනගහණයෙන් කෝටි 40ක්ම ගැමි ජනතාව වේ. කෘෂි නිෂ්පාදනය සමස්ත රටේ කෝටි සංඛ්‍යාත පවුල්වලට සම්බන්ධ වෙනවා පමණක් නොව, එය රටේ මූලික සංවර්ධන පදනම ලෙසට ද හැඳින් වේ.

රටේ උත්තරිතර නායකයා වශයෙන් ෂී ජින්පිං මහතා අවස්ථා රැසකදී විවිධ ප්‍රදේශවල ගොවි බිම් වෙත ‍ගොස් තිබේ.  ආහාර නිෂ්පාදනය වැඩි කිරීම,ආපදා කටයුතු, කෘෂි නවීකරණය, ග්‍රාමීය ප්‍රදේශවල කසල, වැසිකිලි, දූෂිත ජල පාලනය මෙන්ම එහි ජෛව පරිසර සුරැකුම, සංස්කෘතික හා සංචාරක කර්මාන්ත දියුණු කිරීම, ශිෂ්ටාචාරාත්මක සංවර්ධනය, ගැමියන්ගේ ආදායම වැඩි කිරීම කෙරේ ඔහුගේ දැඩි අවධානය යොමු වේ. ‘නවීකරණ ක්‍රියාදාමය තුළදී කෝටි හතලිහක ගැමි ජනතාව අත්හළ හොත්, සමෘද්ධිමත් නගර හා දුර්වල ගම්මාන එලෙසම පවතිනු ඇත. එවැන්නක්  පක්ෂයේ දේශපාලන පරමාදර්ශයට පටහැනිය. එය සමාජවාදයේ මූලික ස්වභාවයටත් නොගැලපේ’ යැයි ඔහු පෙන්වා දුන්නේය. 

චීන මාදිලියේ නවීකරණය ඉටු කිරීමේ දේශපාලන හා පරිපාලන ප්‍රවර්ධනයේදී අඛණ්ඩව කෘෂි කාර්මික පදනම තහවුරු කර ගනිමින් ග්‍රාමීය ප්‍රදේශයේ පූර්ණ පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම අතිශයින් වැදගත් කාර්යයක් ලෙස සලකා ඇත්තේ මේ හේතුවෙනි. 

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම