චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය ඔස්ට්‍රේලියාවේ දී සැමරේ. එම විශේෂ උත්සවය ඊයේ (23) කැන්බරා නගරයේ දී පැවැත්විණ. “මාගේ චීන කතන්දරය” යන තේමාවෙන් යුතු එය චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරනු ලැබීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී මාර්ගගත ලෙස දේශනයක් පවත්වමින් පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය අනුව යමින් ගෝලීය නවීකරණයට නව අවස්ථා සැපයෙන ආකාරයට ශිෂ්ටාචාර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන කවුළු තවදුරටත් පුළුල් කරන බවයි.
එසේම, ජාත්‍යන්තර මානව හුවමාරු ශක්තිමත් කිරීම, ගෝලීය ශිෂ්ටාචාර සංවාද ප්‍රවර්ධනය සහ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහතික කිරීම ඔස්සේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව තහවුරු කිරීම වෙනුවෙන් තම ආයතනය කැපවී ක්‍රියා කරන බව ද Shen Haixiong මහතා එහිදී අවධාරණය කළේය.