ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය
2024-09-24 16:13:02
Share with:
ලෙබනනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීනය විරුද්ධත්වය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසීය.
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින වත්මන් ආතතීන් පිළිබඳව චීනය දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, අදාළ හමුදා මෙහෙයුම් හේතුවෙන් සිදු වූ විශාල ජීවිත හානි පිළිබඳව චීනය දැඩි කම්පනයට පත් වන බවත් Lin Jian මහතා සඳහන් කළේය. ලෙබනනයේ අහිංසක සිවිල් වැසියන්ට හානි කර සියලුම ක්‍රියාවන්ට චීනය විරුද්ධ වන අතර එම සිද්ධීන් හෙළා දකී. තත්ත්වය වහා ලිහිල් කර මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය මෙන්ම ජන ජීවිතවල ආරක්ෂාව ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස චීනය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා පැවසීය.