චීනය සහ ස්විට්සර්ලන්තය ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම සඳහා වන සාකච්ඡා නිල වශයෙන් ආරම්භ කරයි. චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා, ස්විට්සර්ලන්ත ආර්ථික, අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍ය Guy Parmelin මහතා සමග එක්ව වීඩියෝ ආකාරයෙන් මේ බව ඊයේ (23) නිවේදනය කළේය.
චීන-ස්විට්සර්ලන්ත නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම, ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කිරීමේදීත්, ද්වි-මාර්ග ආයෝජනයේදීත් හිතකර වන බව, Wang Wentao මහතා සඳහන් කළේ ය. එසේම, මෙමගින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සහයෝගිතා ද තහවුරු කළ හැකි ය. විශේෂයෙන් වර්තමානයේ ආර්ථික ගෝලීයකරණය ප්‍රතිවිරුද්ධ ධාරාවකට මුහුණදෙමින් පවතී. එවන් පසුබිමක, චීනය සහ ස්විට්සර්ලන්තය නිදහස් වෙළෙඳාම සහ විවෘත සහයෝගිතාව පුළුල් කිරීම බාහිර ලෝකයට ධනාත්මක සංඥාවක් බව, Wang Wentao මහතා පෙන්වා දුන්නේ ය.
ගෝලීය වෙළඳ ආරක්ෂණවාදය වර්තමානයේ යළිත් ඉස්මතු වන බව Guy Parmelin මහතා එහිදී පැවසීය. චීනය සහ ස්විට්සර්ලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීමෙන් පිළිබිඹු වන්නේ, විවෘත හා ප්‍රමිතිගත ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ සහයෝගිතා පරිසරයක් ගොඩනැගීමට දෙරට සැමවිටම කැපවී සිටින බවයි. දෙපාර්ශ්වයේම සාමූහික ප්රයත්න සමඟ, නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම සඳහා වන සාකච්ඡා සාර්ථක වනු ඇතැයි විශ්වාස කරන බව, Guy Parmelin මහතා සඳහන් කළේ ය.