ප්‍රාග්ධන වෙළඳපොළ අඛණ්ඩ ව තිරසර අයුරින් සහතික කිරීමට චීනයේ පියවර රැසක්
2024-09-24 17:40:28
Share with:

ප්‍රාග්ධන වෙළඳපොළ අඛණ්ඩ ව තිරසර අයුරින් සහතික කිරීමට චීනය පියවර ගනී.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද(24) පැවති මාධ්‍ය හමුවේදී ජාතික මූල්‍ය අධීක්ෂණ හා පාලන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් Li Yunze මහතා එම පියවර හඳුන්වා දුන්නේය.

රක්ෂණ ප්‍රාග්ධනය සඳහා වන දිගුකාලීන ආයෝජන ප්‍රතිසංස්කරණය පුළුල් කිරීමෙන් ප්‍රාග්ධන වෙළඳපොළ වෙත සිදු කෙරෙන ආයෝජන පරිමාණය තහවුරු කිරීම ඊට ඇතුළත් ය. රක්ෂණ ආයතන ඇගැයීම් ක්‍රමවේදය යහපත් කරමින් ප්‍රතිලාභදායී සම කොටස් දිගුකාලීන ආයෝජන සිදු කිරීමට මඟපෙන්වීමත් ඒ අතර වෙයි. එසේ ම, මූල්‍ය කළමනාකරණ සමාගම්, භාරකාර සමාගම් සිය ආයෝජන ශක්‍යතාවන් තහවුරු කරමින් ප්‍රතිලාභදායී දිගුකාලීන මූල්‍ය නිපැයුම් හඳුන්වා දීම දිරිගැන්වීම ද එම පියවරට අයත් වන බව Li Yunze මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම