චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එක්සත් ජාතීන්ගේ “2024 අනාගත සමුළුව”ට සහභාගි වෙයි.
ඊයේ (23) සමුළුවට එක් වූ වං යී මහතා එහිදී “මානව ප්‍රජාව උදෙසා පොදු ඉරණමක් සහිත සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම” යන මැයෙන් දේශනයක් පැවැත්වීය. සියවසක් තිස්සේ අත්නොවිඳි දැවැන්ත විපර්යාස හමුවේ, “අනාගත සමුළුව” හා “අනාගතය සඳහා වූ ගිවිසුම” ලෝක සාමය හා සංවර්ධනය මෙන්ම මානව වර්ගයාගේ ඉරණම සම්බන්ධයෙන් ඉතා වැදගත් වනු ඇත. ඒ සඳහා චීනයේ යෝජනා ඔහු එහිදී ඉදිරිපත් කළේය. ඒ අනුව සාමකාමී, සමෘද්ධිමත් සහ සාධාරණත්වය සහතික වන වඩා සුන්දර අනාගතයක් ගොඩනැගිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
චීන මාදිලියේ නවීකරණය ඔස්සේ සිදු වන ප්‍රබල ජාතික පුනර්ජීවනයෙන් ලෝක සාමය හා සංවර්ධනයට නව අවස්ථා තිළිණ කෙරෙනු ඇතැයි ද වං යී මහතා අවධාරණය කළේය.