බටහිර රාජ්‍යයන් ක්‍රියාත්මක කරන ප්‍රතිගෝලීයකරණ ප්‍රතිපත්තිය හමුවේ චීනය සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රතිලාභ ගෙන එයි
2024-09-24 09:40:28
Share with:

ඇතැම් බටහිර රටවල් ප්‍රාග්ධය, කර්මාන්ත සහ රැකියා අවස්ථා තම රට තුළ පමණක් ව්‍යාප්ත කර ගැනීමේ ප්‍රතිපත්තියේ පිහිටා සිටීම සේම ජාතික ආරක්ෂාව හුවා දක්වමින් වෙනත් රටවල ව්‍යවසායන්ට හිරිහැර කිරීමත්, බදු පැනවීමත්, නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමක් දක්නට ලැබේ. එවන් පසුබිම තුළ ශ්‍රී ලංකාව ඇතුලු රටවලට චීනයේ දොරටු විවෘත වී ඇති බව රජරට විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ හිටපු කථිකාචාරිණි මේඛලා ලියනගේ මෙනවිය පැවසුවාය.

විවෘත වීම මත චීනය වර්තමානයේ තම දේශීය නිෂ්පාදන තුළින් අත් කරගෙන ඇති ප්‍රගතිය හමුවේ බටහිර රටවල් දැඩි සීමා කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි.

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් පැන නගින සම්බාධක සහ බදු පියවර තුළින් එය ගම්‍ය වේ. කෙසේ වෙතත් මෙවැනි පසුබිමක චීනය සිය විවෘතභාවය වෙනස් කර නොමැති අතර බටහිර අවශ්‍යතාවන් වෙනුවෙන් සැලසුම් වෙනස් කිරීම ද සිදු නොකරයි. අඛණ්ඩව ලොව සැපයුම් දාමයේ බලවතා නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් අපනයන සහ ආයෝජන අවස්ථා දියුණු වෙමින් පවතින රටවල් වෙත ද ලබා දීමට කටයුතු කරනු දක්නට හැකිය. සිය ස‍හයෝගතාව වඩාත් තීව්‍ර කරමින් හවුල්කාරී වෙළඳපොළ මෙන්ම රටවල් අතර අන්තර් දුම්රිය සබඳතා ඇතුළු  ප්‍රවාහන  පද්ධතියෙන් ද අපේක්ෂිත ඉලක්ක පසු කරමින් සිටී. නිදහස් වීසා ප්‍රතිපත්තියත් සමග සංචාරක ගමනාන්ත කරා ළඟා වීමේ පහසුකම් ද පුළුල් කර ඇත. මෙවැනි චීනයේ විවෘතභාවයේ ප්‍රතිපත්ති මත ශ්‍රී ලංකාව වෙළඳපොළ අවස්ථා, සංචාරක අවස්ථා, ආයෝජන හා අපනයන ක්ෂේත්‍ර මෙන්ම යටිතල පහසුකම් කෙරෙහි ද විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබේ.

චීනය සිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවළියෙන් ඉහළ මට්ටමේ ආයතනික විවෘත වීමකට සෙසු රටවලට ඉඩ සලසයි. වසර පුරා ක්‍රියාත්මක කරන ආනයන අපනයන ප්‍රදර්ශනය, සේවා වෙළඳාම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනය, චීන ජාත්‍යන්තර පාරිභෝගික නිෂ්පාදන අපනයන ප්‍රදර්ශනය ඇතුළු බො‍හොමයක් වැඩසටහන් හරහා චීනය කලාපීය රටවලට අවස්ථා නිර්මාණය කර ඇත.

චීනය ඓතිහාසික ශිෂ්ටාචාර පදනමක සිට සිය සංස්කෘතික අනන්‍යතාවට හානි නොවන සේ නවීකරණ ප්‍රතිපත්‍තියේ නියැලෙමින් බිම් මට්ටමෙන් අරඹා  ස්වයංපෝෂිත මට්ටම කරා ළඟා වූ රාජ්‍යයකි. එම නිසා ම ඒ ඒ රටවලට අනන්‍ය වූ සංවර්ධන ප්‍රතිපත්තියක් වැළඳ ගැනීමේ නිදහස් අවස්ථාව චීනය උදා කර දී තිබේ. ඉහළ ගුණාත්මක භාවය, ඩිජිටල් ප්‍රතිසංස්කරණ සහ නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තය ඇතුලු ක්ෂේත්‍ර පුරා ව්‍යාප්ත කිරීමේ චීනයේ අරමුණ ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ගෝලීයකරණ අවස්ථා හිමි කර දීමට හේතු වී ඇති බව ද රජරට විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ හිටපු කථිකාචාරිණි මේඛලා ලියනගේ මෙනවිය සඳහන් කළාය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම