චීන උප අගමැති Ding Xuexiang මහතා 21වැනි චීන-ආසියාන් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක් වේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, උප අගමැති Ding Xuexiang මහතා අද(24) උදෑසන ගුවන්ෂි Zhuang ජාතික ස්වායත්තයේ නැන්නිං අගනුවර පැවති එම ප්‍රදර්ශනය සහ ආසියාන් වාණිජ හා ආයෝජන නායක සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.
චීන-ආසියාන් මිත්‍ර සබඳතාවට දිගු කාලීන ඉතිහාසයක් ඇති බවත් ආසියාන් සංගම් රටවල් සමඟ ප්‍රායෝගික සහයෝගිතා ගැඹුරින් සංවර්ධනය කොට පොදු ඉරණම සහිත වඩාත් සමීප චීන-ආසියාන් ප්‍රජාවක් ගොඩනැගීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් Ding Xuexiang මහතා එහිදී කියා සිටියේය.
උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය සහ විවෘත සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින් විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනයේ සහයෝගිතා පුළුල් කොට දෙපාර්ශ්වයේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා ආසියාන් සංගම් රටවල් සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද හෙතෙම තවදුරටත් පැවසීය.