ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
2024-09-24 15:16:28
Share with:

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

විශේෂයෙන්ම 2022 ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වා ගෙන යාමට එමගින් හැකිවෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. 

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් නව පාලනය සමග සාකච්ඡා කිරීමට ද එම අරමුදල අපේක්ෂා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2023 වසරේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් සැපයීය. එය මාස 48ක වැඩසටහනකි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම