Hangzhou නගරයේ පැවැත්වෙන, ලෝක නගරාධිපතිවරුන්ගේ සංවාදය හෙවත් 9 වැනි Hangzhou ජාත්‍යන්තර මිත්‍ර නගරාධිපතිවරුන්ගේ සංසදය ලබන 25 වැනිදා පැවැත්වේ. රටවල් හා ප්‍රදේශ 15 ක පිහිටි නගර 24 ක නගරාධිපතිවරුන් හෝ නියෝජිතයන් මෙන්ම, චීනයේ සිටින විවිධ රටවල තානාපතිවරු සහ අදාළ නියෝජිත පිරිසක් එම සංසදයට සහභාගි වනු ඇත.
නගර පාලනය හා තිරසර සංවර්ධනය යන තේමාව යටතේ දෙස් විදෙස් නගරාධිපතිවරු එහිදී සංවාද පවත්වනු ඇත. නගර පාලන අත්දැකීම් බෙදාගැනීම මෙන්ම තිරසර සංවර්ධනය පිළිබඳ නිර්මාණශීලී ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා ද ඊට ඇතුළත් ය. එසේම, පරිපාලන පද්ධතීන්හි නවෝත්පාදන, ඩිජිටල් ආර්ථික වර්ධනය, ජෛව පරිසර සංරක්ෂණය හා සංස්කෘතික උරුමයන්හි පැවැත්ම යන ක්ෂේත්රවලින් ලොව විවිධ නගර ලබා ඇති ජයග්‍රහණ විමසා බලමින් ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා දැනුම එහිදී සම්පාදනය කෙරෙනු ඇත.
මීට අමතරව “නගරය, ඩිජිටල් තාක්ෂණය හා සැබෑ ආර්ථික සංකලනය” සහ “නගරය හා හරිත වර්ධනය” යන තේමාවලින් යුතු සංසද දෙකක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. දෙස් විදෙස් නගරවල නියෝජිතයන් හා විශේෂඥයන් එහිදී අනාගත නගර සංවර්ධන දිශාව පිළිබඳ සාකච්ඡා කරනු ඇත.