ඇමරිකාව, කලාපීය රටවල් තම උපකරණ ලෙසට යොදා ගැනීම නතර කළ යුතු බව චීනය පවසයි. ‘ඇමරිකා-ජපාන-ඉන්දියා-ඕස්ට්‍රේලියා සිව්පාර්ශ්වික යාන්ත්‍රණය’ පිළිබඳ සමුළුවේ දී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
මෙම සමුළුව චීනයට එරෙහි නොවන බවට ඇමරිකාව ප්‍රකාශයට පත් කළ ද එහි පළමු මාතෘකාව වූයේ චීනය හා සම්බන්ධ තේමාවයි. චීනය පිළිබඳව මෙසේ අත්තනෝමතික ලෙස සාකච්ඡාවට ලක් වූ ව්‍යාජ තොරතුරු කෙරෙහි ඇමරිකානු මාධ්‍යයන් පවා විශ්වාසය පළ කර නොමැති බව Lin Jian මහතා සඳහන් කළේය.
‘සිය අධිපතිවාදය ආරක්ෂා කරමින් චීනයට පීඩා එල්ල කිරීමේ’ ක්‍රියාදාමය නතර කළ යුතු බවත් ‘චීනයට විරුද්ධ වීම සඳහා සන්ධාන සබඳතා තහවුරු නොකිරීම’යන ප්‍රකාශය සැබෑ අයුරින් සාක්ෂාත් කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. සෙසු රටවල උපායමාර්ගික ආරක්ෂණ ප්‍රතිලාභ හා ආසියානු-ශාන්තිකර කලාපයේ ජනතාවගේ සුබසෙත කැප කරමින් තම ප්‍රතිලාභ අත් කර නොගත යුතු බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා එහිදී අවධාරණය කළේය.