ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට උපරිමයෙන් කැප වන බවට නව ජනපතිගෙන් ප්‍රතිඥා
2024-09-23 14:20:32
Share with:
09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ අද(23) දිවුරුම් දුන්නේය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට උපරිමයෙන් කටයුතු කරන බව ඉන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝගාත්මක වාතාවරණය හමුවේ නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ අවශ්‍යතාව පවතී. තීන්දු තීරණ ගැනීමේ දී සාමූහික මැදිහත්වීමේ කොටස්කුරුවෙකු ලෙස තමා ක්‍රියා කරන අතර අර්බුදය නිමා කිරීම සඳහා පොදු පුරවැසියා සතුව ද වගකීමක් තිබෙන බව දිසානායක මහතා සඳහන් කළේය.
රට ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත්, සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.