ජනතා තීන්දුවට ගරු කරමින් නව ජනපති වෙත රට භාර දෙන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි
2024-09-23 14:35:13
Share with:

පසුගිය 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතා වෙත රට භාර දෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාලමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රට අසීරුම අවස්ථාවක සිට යම් ස්ථාවර මට්ටමක් දක්වා රැගෙන ඒමට තමා කටයුතු කළ බවත් මැතිවරණයේ දී තමන්ට සහාය දුන් නොදුන් සියලුම පුරවැසියන්ට ස්තූතිවන්ත වන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241104සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම