“මාගේ චීන කතන්දරය” නම් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගියදා(20) මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි අගනගරයේ දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ තාක්ෂණයෙන් එහිදී දේශනයක් පැවැත්වීය. මෙක්සිකෝවේ චීන තානාපති චාං රුන් මහතා සහ මෙක්සිකෝවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ආසියා පැසිෆික් කලාපයේ විදේශ කටයුතු පිළිබඳ කමිටු සභාපතිනි, මන්ත්‍රී Yeidckol Polevnsky මහත්මිය ද එම අවස්ථාවට එක් වෙමින් දේශන පැවැත්වූහ.
චීන මාධ්‍ය සමූහය “මාගේ චීන කතන්දරය” නම් ගෝලීය නිර්මාණ රැස්කිරීමේ ක්‍රියාකාරකම දියත් කළේ නව චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් බව Shen Haixiong මහතා කියා සිටියේය. භාෂා වෙනස් වුවද සමාන හැඟීම් හුවමාරු කර ගත හැකිය. එම කතන්දර ඔස්සේ විවිධ රටවල හැඟීම් හා සංස්කෘතීන් අතර සුසංගත සම්මිශ්‍රණය සංකේතවත් කෙරෙන අතර ඉන් සාමය හා සුන්දරත්වය උදෙසා විවිධ රටවල ජනතාවගේ පොදු අපේක්ෂාව පිළිබිඹු කෙරේ. දේශසීමා හා කාල අවකාශවලින් සීමා නොවන ලෝකවාසීන් අතර ගැඹුරු මිත්‍රත්වය ඉන් විදහා දැක්වෙන බවද Shen Haixiong මහතා පැවසීය.