ඊශ්‍රායලයෙන් දකුණු ලෙබනනයට මහ පරිමාණ ගුවන් ප්‍රහාරයක්
2024-09-22 14:58:29
Share with:

ඊශ්‍රායලය දකුණු ලෙබනනයට මහ පරිමාණ ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි. 

ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදාවේ ප්‍රකාශක Daniel Hagari ඊයේ(21) රාත්‍රියේ වීඩියෝ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.ලෙබනන හිස්බුල්ලා සංවිධානය ඊයේ ඊශ්‍රායලයට එරෙහි රොකට් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවට ඊශ්‍රායල හමුදාවට  ලැබුණු තොරතුරු අනුව එම මහ පරිමාණ ප්‍රහාරය එල්ල කර ඇත.  

ප්‍රහාරක ගුවන් යානා රාශියක් යොදා ගෙන ඊශ්‍රායලය එම ප්‍රහාර එල්ල කළ බවත් ඊශ්‍රායල හමුදාව දැනට හිස්බුල්ලා සංවිධානයේ සටන් හැකියාවන් "ක්‍රමානුකූලව" දුර්වල කරමින් සිටින බවත් Daniel Hagari ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය ආරක්ෂක අණදෙන නිලධාරීන් නිකුත් කළ නවතම ආරක්ෂක මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අදාළ ආරක්ෂක සීමා පියවර ක්‍රියාත්මක කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඊයේ ජගත් ප්‍රජාවේ විවිධ පාර්ශ්ව නිවේදන නිකුත් කරමින් ඊශ්‍රායල ක්‍රියාව හෙළා දුටුවහ. ඊශ්‍රායලය ලෙබනනයේ ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම් හෙළා දකිමින් තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ප්‍රකාශ කළේ අදාළ ප්‍රහාර මගින් ඊශ්‍රායලය ගැටුම් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරමින් සිටීම පිළිබිඹු වූ බවයි. 

ඊට අමතරව, ජර්මන් ෆෙඩරල් රජයේ ප්‍රකාශක Steffen Hebestreit මහතා පැවසුවේ ඊශ්‍රායලය සහ ලෙබනන හිස්බුල්ලා සංවිධානය අතර පවතින ගැටුම් සමස්ත මැදපෙරදිගටම ව්‍යාප්ත වුවහොත් ඉන් පසුව ගෙන එනු ඇති විනාශය ව්‍යසනකාරී වනු ඇති බවයි. රාජ්‍යතාන්ත්‍රික මාර්ගය ඔස්සේ ගැටුම් විසඳීමට පියවර ගන්නා ලෙසට හෙතෙම ආයාචනා කළේය.   


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම